The Soda Pop
HomeCustom page

Welcome To Saumya.Mobie.in දිනපතා අලුත් වන තාක්ශනික ලොකයේ තොරතුරු දැනගන්න.


මොකක්ද මේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් රූට් කරනවා කියන්නේ

මොකක්ද මේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් රූට් කරනවා කියන්නේ<<<<<<<<< What's Android Rooting

Posted on 12:41 AM by saumya pranam



අපි තීරණය කලා ඔයාලාට වැදගත් වෙයි කියලා හිතන දෙයක් ගැන පොඩි අදහසක් දෙන්න. දැන් කාලේ ගොඩාක් අය ඇන්ඩ්‍රොයිඩ් සිස්ටම් එක තියන ෆෝන්ස් පාවිච්චි කරනවනේ ඉතින් ගොඩාක් අය හරියටම දන්නැති දෙයක් තමයි ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් රූට් කරනවා කියන එක. ඒක නිසා අපි අද තීරණය කලා මේ ගැන ඔයාලාව දැනුවත් කරන්න.

ඔයාලා ඉන්ටර්නෙට් එකේ ඇන්ඩ්‍රොයිඩ් ගැන සර්ච් කරලා බැලුවොත් මොනවටහරි මේ රූට් කරනවා කියන ඒක ඔයාලා ගොඩාක් වෙලාවට දැකලා ඇති. අපි මේ පෝස්ට් එකෙන් බලාපොරොත්තු වෙන්නේ ඔයාලගේ ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් එක නැත්නම් උපකරනය (ෆෝන් එකක් හෝ ටැබ් එකක්) රූට් කරන්න කියන එකවත් එහෙම කරන්න එපා කියන එකවත් නෙමෙයි. අපි ඔයාලට කියන්න යන්නේ මේකේ තියන වාසි සහ අවාසි පිළිබදවයි.

මොකක්ද මේ රූටින් කියලා කියන්නේ. ඔබ පාවිච්චි කරන ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය ඔයාලගේ ව්‍යාපාරික කටයුතු සහ පෞද්ගලික කටයුතු කියන මේ වැඩ දෙකම සදහා නිපදවන ලද උපකරනයක්.අනෙක් සෑම ඔපරේටින් සිස්ටම් එකක් වගේම මේකෙත් සමහර ඔප්ෂන්ස් නැතිනම් සමහරක් පහසුකම් අක්‍රිය කරලයි තියෙන්නේ නැත්නම් ඒවා ඇතුලට පිවිසීම අවහිර කරලයි තියෙන්නේ. එහෙම කරලා තියෙන්නේ හේතු දෙකක් නිසා. පලවෙනි හේතුව තමයි අනාගත පාවිච්චිය සදහා ඒ කියන්නේ ඩිවලපර්ට ඒ කියන්නේ ඔයාලගේ ෆෝන් එකේ සිස්ටම් එක හදපු පුද්ගලයාට අනාගතයේ යම් වෙනස්වීම් කරන්න අවශ්‍ය වුනොත් මේ අක්‍රිය කර ඇති පහසුකම් භාවිතා කරන්න පුලුවන්. දෙවනි හේතුව තමයි අත්වැරදීමකින් වත් ඔයාලගේ අතින් වන සමහර දේවල් නිසා මේ පහසුකම් අක්‍රිය කලේ නැත්නම් ඒ හරහා ඔයාලගේ ෆෝන් එකට ලොකු ඩැමේජ් එකක් නැත්නම් හානියක් සිදුවීමට ඇති ඉඩකඩ නැවැත්වීම මොකද සමහර ඩැමේජ් නිසා සම්පූර්නම ෆෝන් එක ඔයාලට අයින් කරන්නත් වෙන්න පුලුවන්. මෙන්න මේ හේතූන් දෙක නිසා තමයි මේ අතිරේක පහසුකම් සාමාන්‍යයෙන් අක්‍රිය කරලා තියෙන්නේ. රූට් කිරීමේදී වෙන්නේ මෙන්න මේ අක්‍රිය කර ඇති පහසුකම් වල ඇති මේ ලිමිට් එක නැත්නම් මේ පහසුකම් සියල්ල සක්‍රිය කිරීමයි නැත්නම් අර අවහිර කරලා තියන සීමාව බිද දැමීමයි. එතකොට ෆෝන් එකේ ඕනිම තැනකට යාමේ හැකියාව නැත්නම් ෆුල් සිස්ටම් ඇක්සස් එකක් ලැබෙනවා. රූට් කිරීමක් කල පසු අදාල ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකේ හිමිකාරයාට විශාල පාලනයක් ලැබෙනවා. සමහර සෙටින්ස් වෙන්ස් කිරීමට / අලුත් පහසුකම් අත්විදීමට / ඒ වගේම අදාල ෆෝන් එකේ ක්‍රියාකාරීත්වය නැත්නම් පර්ෆෝමන්ස් වැඩි කිරීමට මේ හරහා ඔහුට පුලුවන් කම ලැබෙනවා. ඒ වගේම ඔහු ඇන්ඩ්‍රොයිඩ් සිස්ටම් එක ගැන දන්නා පුද්ගලයෙක්නම් ඔහුට අදාල ෆොන් එකේ ලොකු වෙනස්කම් කිරීමේ හැකියාවත් ලැබෙනවා ඒ කියන්නේ තමන්ට ඕනි විදියට සිස්ටම් එක වෙනස් කරගන්නත් පුලුවන් මේ හරහා.

දැන් අපි හිතනවා මේ රූට් කරනවා කියන එක ගැන ඔයාලා ලග අදහසක් ඇති කියලා. දැන් අපි බලමු මෙකේ තියන වාසි මොනවද ඒ වගේම අවාසි මොනවද කියලා.ඉස්සල්ලාම අපි පටන් ගමු තියන අවාසි වලින්. මේ තියෙන්නේ ඒ ආකාරයේ අවාසි ලිස්ට් එකක්.

ප්‍රධාන වශයෙන්ම අවාසි දෙකක් තියනවා.

1) - ඔයාලා රූට් කලොත් ඊට පස්සේ ඒ ෆෝන් එකට නිෂ්පාදකයා දෙනු ලබන වගකීමේ සහතිකය අවලංගු වෙනවා සහ ඊට පසුව වෙන කිසිම දෝෂයක් සදහා ඔයාලාට වගකීමක් ලැබෙන්නෑ නිෂ්පාදකයාගෙන්.

2) - ඒ වගේම මේ ආකාරයෙන් රූට් කිරීමකට ලක්කරන ලද ෆෝන් එකක් පාවිච්චි කිරීමේදී ලොකු අවධානයකින් ඉන්න වෙනවා මොකද සාමන්‍ය ඇප් එකක් හෝ ඉන්ස්ටෝල් කිරීමේදී දෙපාරක් හිතන්න වෙනවා මේක හරිද වැරදිද කියලා ඉන්ස්ටෝල් කරන එක මොකද ෆෝන් එකේ ඇති ආරක්ෂක සීමාවන් ඉවත් කරලා තියන නිසා.

මීට අමතරව මේ වගේ අවාසිත් තියනවා.

---) රූට් කිරීමේන් බලාපොරොත්තු වෙන්නේ ගොඩාක් වෙලාවට ෆෝන් එකේ ක්‍රියාකාරීත්වය නැත්නම් පර්ෆෝමන්ස් වැඩි කිරීම සහ අමතර පහසුකම් එක්කිරීම. ඒත් මෙහෙම කිරීමේදී ඔයාලගේ අතින් පොඩි හරි වැරදීමක් වුනොත් ඒක නිසා මේ දෙකම නැතිවෙන්නත් පුලුවන් ඒ කියන්නේ ෆෝන් එකේ ක්‍රියාකාරීත්වය් විශාල වශයෙන් අඩුවෙන්න පුලුවන්.

---) ඒ වගේම රූට් කරන ලද ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයකට වයිරස් පැමිනීමේ අවධානමක්ද තියන බව කියන්න ඕනි. මොකද මේ ආකාරයට රූට් කිරීමේදී අදාල ෆෝන් එක ෆ්ලෑෂ් කිරීමට යොදාගන්නේ එක් එක් පුද්ගලයින් විසින් මේ සදහා සක්ස් කරන ලද වැඩසටහන් ඒවා සම්මත ඒවා නෙමෙයි ගොඩාක් වෙලාවට. ඒ නිසා ෆෝන් එකේ මූලික කෝඩ්ස් නැත්නම් සිස්ටම් එකේ කෝඩ්ස් / වැඩසටහන් මේ ආකාරයට වෙනස් කිරීම නිසා අර වගේ වයිරස් වගේ අනවශ්‍ය දෙවල් ඔයාලගේ ෆෝන් එක තුලට ඇතුල් වීමේ හැකියාවක් තියනවා.

දැන් බලමු මේකේ තියන වාසි මොනවද කියලා.

--- ) සාමාන්‍ය තත්වයේ රන් කරන්න නැත්නම් ක්‍රියාකරවන්න බැරි සමහර සොෆ්ට්වෙයාර්ස් රූට් කිරීමත් සමග ක්‍රියාත්මක කිරීමේ අවස්ථාව ලැබෙනවා. සුපර්යුසර් කියන්නේ මේ වගේ රූට් කරන ලද ෆෝන්ස් සමග පමනක් වැඩ කරන ඇප් එකක්. මේ ඇප් එක හරහා ඔයාලට පුලුවන් මොන ඇප්ස්ද සිස්ටම් එකත් එක්ක එකට වැඩ කරන්නේ සහ මොනවද එහෙම වෙන්න ඕනි නැත්තේ කියන එක පාලනය කරන්න. තවත් පහසුකමක් තමයි රූට් කරන ලද ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක තියන ඩේටා භාවිතා කරමින් පරිගණකයකට අන්තර්ජාලය හා සම්භන්ධ වීමට අවස්ථාව ලැබෙනවා වගේම ඔයාලගේ සර්විස් ප්‍රොවයිඩර්ට කිසිම මුදලක් නොගෙවා ෆෝන් එක වයි ෆයි හොට්ස්පොට් එකක් කිරිමේ හැකියාවත් මේ හරහා ලබාගන්න පුලුවන්කම තියනවා.

--- ) රැම් එක ටිකක් වැඩි කිරීමේ හැකියාවත් මේ හරහා ලැබෙනවා. ඔයාලා ඉස්සල්ලාම ඇප් එකක් ඉන්ස්ටෝල් කලහම ඒක යන්නේ ඉන්ටර්නල් මෙමරි එකට ෆෝන් එකේ නමුත් රූට් කරන ලද ෆෝන් එකකදී මේ ඇප්ස් ඔයාලගේ අතිරේක මෙමරියට ඒ කියන්නේ ඔයාලා SD කාඩ් එකක් වගේ භාවිතා කරනවානම් ඒකට ගබඩා කරන්න පුලුවන් මේ නිසා තවත් ෆයිල්ස් ගබඩා කිරීමට ෆෝන් එකේ ඉන්ටර්නල් මෙමරි එකේ නැත්නම් ප්‍රධාන මතකයේ ඉඩ ඉතුරු වෙනවා වගේම ඒ සදහා යන රැම් එක නැත්නම් තාවකාලික මතකයත් මේ නිසා අඩුවෙන්නේ නැහැ. (ඒත් අලුත් SONY - EXPERIA වගේ ෆෝන්ස්වලනම් මේ පහසුකම සාමාන්‍ය තත්වයන් යටතේම ස්ක්‍රිය කරලයි තියෙන්නේ කියලත් කියන්න ඕනි)

--- ) මේකේ තියන විශේෂම වාසිය තමයි කස්ටම් රොම් ඇතුලත් කිරීමට ඇති හැකියාව .අද වන විට මේ වගේ කස්ටම් රොම් වැඩසටහන් සිය ගනනක් නිෂ්පාදනය කරලා තියනවා. මේ වැඩසටහන් භාවිතා කරලා ෆෝන් එකේ ප්‍රොසෙසින් ස්පීඩ් එක නැත්නම් ෆෝන් එක වැඩ කරන ස්පීඩ් එක / වේගය වැඩි කරන්න පුලුවන් වෙනවා සහ මේ වගේ ක්‍රියාවක් කල පසු එකම ෆෝන් වර්ග දෙකක් වුනත් රූට් කල ෆෝන් එකේ ස්පීඩ් එක / වේගය අනෙකට වඩා විශාල වශයෙන් වැඩිවී ඇති බව දැකගන්න පුලුවන්.

ඉතින් ඔයාලගේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකත් ඔයාලා රූට් කරන්න හිතාගන ඉන්නවානම් මේ කරුණු ගැන හොදට කල්පනා කරලා ඒ තීරණය ගනීවි කියලා අපි හිතනවා. පැහැදිලිවම රූට් කරන ලද ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක වැඩ කරන වේගය සාමාන්‍ය ෆෝන් එකකට වඩා විශාල වශයෙන් වැඩියි කියලා කියන්නත් ඕනි. ඒ වගේම මේකේ තියන අවදානම් තත්වයත් ඔයාලා තේරුම් ගන්න ඇති කියලා අපි හිතනවා. මේ පෝස්ට් එක ලියන වෙලාවෙත් මම දැක්කා මෝටොරෝලා සමාගමෙන් මොටෝ-X නමින් අලුත් ෆෝන් එකක් එලිදක්වලා තියනවා. මේකේ විශේෂත්වය තමයි මේ ෆෝන් එක එන්නේම රූට් කරන ලද ඇන්ඩ්‍රොයිඩ් සිස්ටම් එකක් එක්ක ඒක් නිසා රූට් කිරීමේදී තියන රිස්ක් එක ගන්න ඕන්නෑ. ඒත් කියන්න ඕනි මේ ෆෝන් එකට නිෂ්පාදකයා විසින් කිසිදු ආකාරයේ වගකීමකුත් දෙන්නැති බව මොකද කවුරුහරි අතින් මොකක් හරි වැරැද්දක් වුනොත් නිෂ්පාදකයා දන්නෑනේ කොහොමද මේක වුනේ සහ ඒක ඔහු අදාල ෆෝන් එකේ තත්වය දැන දැනත් කල ක්‍රියාවක් නිසා.

ඔයාලගේ දැනුමට අලුත් යමක් මේ හරහා එකතු කරන්න අපිට පුලුවන් වුනා කියලා හිතනවා. ඉදිරියටත් අපි මේ වගේ ඔයාලා ලග හරි අදහසක් නැතුව තියෙන්න පුලුවන් කියලා හිතෙන දේවල් ගැන මේ වගේ ලිපි පලකරන්න බලාපොරොත්තු වෙනවා.

Back to posts
This post has no comments - be the first one!

UNDER MAINTENANCE

Main Menu


Image Gallry
english zone
Hindi Zone
Sinhala Zone
Nano Technology
System Drives
Software Zone
Game Section
PC Convertor Tools
internet Zone
Antivirus Systems
VCD DVD Data Burner

Baiscope+Movies/TV Series Download&Request-සිංහල උපසිරැසි



Baiscope+Movies/TV Series Download&Request-සිංහල උපසිරැසි


Speaker8gf3lr4jx 2
File58012396

This feature is currently unavailable on this XtGem account - please contact site administrator / upgrade the account. All submitted e-mails will be delivered after the feature is re-enabled.



Saumya Remix


games
saumya
Jennifer Lopez Ft Pitbull On the Floor H 2 - DJ Saumya Remix
2026-04-032018-06-27Mozilla216.73.216.89
124452
Follow @SAUMYA